spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහින්ද, බැසිල් හා රනිල් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු තිදෙනෙකු විසින්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ආචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරු තිදෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබෙනවා.

දුර්වල ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීම මඟින් රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?