අටළුගම ම හඬවමින් අවසන් ගමන් ගිය නව හැවිරිදි ෆාතිමා

බණ්ඩාරගම, අටළුගම දී ඝාතනයට ලක්ව වූ ෆාතිමා ආයීෂා දැරියගේ අවසන් කටයුතු ඊයේ (30) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ, අටළුගම මහා පල්ලියට අයත් සුසාන භුමියේ දීයි .

මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 03ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු පසුගිය 27 වැනි දා දැරිය ඝාතනය කළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් ද කළ බවයි මීට පෙර වාර්තා වූණේ.

අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 29 හැවිරිදි සැකකරු අවුරුදු 03,05 සහ 08 යන වයස්වල පසුවන දැරියන් තුන්දෙනෙකුගේ පියෙක්.

එසේම ඔහුගේ බිරිඳ තවත් දරුවෙකු ප්‍රසූත කිරීමට සූදානමින් පසුවන්නියක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ෆාතිමා අයීෂා නම් දැරිය අතුරුදන්ව තිබුණේ පසුගිය 27 වැනිදා නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිල දී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.

දැරියගේ අතුරුදන් වීමෙන් පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දරුවා සෙවීමට කටයුතු කළ අතර පසුගිය 28 වැනිදා ඇගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයා ගැනුණා.

දැරිය සිවීමේ මෙහයුම් සඳහා ඝාතනය සිදුකළ සැකකරුද එක්ව සිටි බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56