අටළුගම ම හඬවමින් අවසන් ගමන් ගිය නව හැවිරිදි ෆාතිමා

බණ්ඩාරගම, අටළුගම දී ඝාතනයට ලක්ව වූ ෆාතිමා ආයීෂා දැරියගේ අවසන් කටයුතු ඊයේ (30) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ, අටළුගම මහා පල්ලියට අයත් සුසාන භුමියේ දීයි .

මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 03ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු පසුගිය 27 වැනි දා දැරිය ඝාතනය කළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් ද කළ බවයි මීට පෙර වාර්තා වූණේ.

අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 29 හැවිරිදි සැකකරු අවුරුදු 03,05 සහ 08 යන වයස්වල පසුවන දැරියන් තුන්දෙනෙකුගේ පියෙක්.

එසේම ඔහුගේ බිරිඳ තවත් දරුවෙකු ප්‍රසූත කිරීමට සූදානමින් පසුවන්නියක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ෆාතිමා අයීෂා නම් දැරිය අතුරුදන්ව තිබුණේ පසුගිය 27 වැනිදා නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිල දී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.

දැරියගේ අතුරුදන් වීමෙන් පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව දරුවා සෙවීමට කටයුතු කළ අතර පසුගිය 28 වැනිදා ඇගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයා ගැනුණා.

දැරිය සිවීමේ මෙහයුම් සඳහා ඝාතනය සිදුකළ සැකකරුද එක්ව සිටි බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19