බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය ජයග්‍රාහීව අවසන් කරමින් ශ්‍රි ලංකා පිළ දිවයිනට

ජයග්‍රාහී ශ්‍රි ලංකා කණ්ඩායම අද (28) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ් කණ්ඩායම අතර පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය ශ්‍රි ලංකාව 1-0 ක් ලෙස ජයග්‍රහණය කළා.

 ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථාන‍ය දක්වා පෙරට පැමිණියේ මෙම ජයග්‍රාහණයත් සමගයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන් , මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ නැහැ.

6d55c98f 3359 41bd b82e 69615c1d7beb
6f1a1c37 297e 406f af15 078fe62868f9