ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය අවට සාමකාමී අරගලයේ නිරත සාමකාමී උද්ඝෝෂණයට පහරදුන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හෙට (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
මහේස්ත්‍රාත් වරයාගේ නිළ නිවසට සැකකරුවන් දෙදෙනා අද සවස ඉදිරිපත් ඉදිරිපත් කරනු ලැබිය.
සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සැකකරුවන් මෙලෙස හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයෙක් වන සුභාෂ් ප්‍රනාන්දු යන අයවළුන් වේ.
සැකකරුවන් දෙදෙනා ආවරණ සහිතව ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, එදිනට ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසත් ය.
එම අවස්ථාවේ සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමට ඔවුන් සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කර තිබේදැයි මහේස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ අවස්ථාවේ ඉදිරි දින ඉදිරිපත් කරන බව ඔවුන් කියා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ප්‍රියන්ත දෙනියාය සහ චානක අබේවික්‍රම යන නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ පෙනී සිටියේය.