ගාල්ලේ පාසල් දෙකකින් කොවිඩ් අවදානම මතුවෙයි

ගාල්ල නගරයේ පාසල් දෙකක අධ්‍යාපනය ලබන ළමුන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්පියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක දී අනාවරණය වී තිබේ.

එම ළමුන්ගේ පියා අද (03) උදෑසන ගාල්ල පෞද්ගලික රෝහලක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්ව ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.

මේ හේතුවෙන් බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඔහුගේ බිරිඳ ද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට ලක්කළ පසු ඇය ද ආසාදිතයෙකු බව හඳුනාගැණුනි.

ඒ අනුව ගාල්ල මහින්ද විද්‍යාලයේ හා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා පාසලෙන් රැගෙන ගොස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර ඔවුන් ද ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ සිසුවියන් 22 දෙනෙකු හා ගුරුවරුන් 5 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර පාසලේ විෂබීජහරණ කටයුතු සිදුකිරීමට පියවරගත් බව විදුහල්පතිනී සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය පැවසුවාය.

එමෙන්ම ආසාදිත සිසුවාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මහින්ද විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 13 දෙනෙකු සහ ගුරුවරුන් සිව්දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිබුණි.

දරුවන්ගේ මව සේවය කළ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ දෙකක් තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කරඇති බව වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?