නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා

නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන්  පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි එම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට  අද (03) තහවුරු වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.
 
මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනා  කුරුදුවත්ත ගිංතොට හා ටක්කියාවත්ත තලාපිටිය යන ප්‍රදේශවල  පදිංචිකරුවන් ය. මියගිය එක් අයෙකු  59 හැවිරිදි වියේ පසුවන අතර අනික් පුද්ගලයා  77 හැවිරිදි වියේ ය.
 
මොවුන් දෙදෙනා සිය නිවෙස්වල දි මියගොස් සිටි අතර ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.එච්.එම් නාසිම් මහතාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා මෘත දේහයන් කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබීය.ඉන් පසු  කළ පී.සී.ආර් පරික්ෂණයේ දි ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.
 
මින් එක් අයෙකු රෝහල්ගත සිට පසුව නිවසට ගොස් සිටියදි මියගිය අයකු බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් මහතා කීය. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු  නිරෝධායන නීතිරීතිවලට අනුකුලව  අදාහන කටයුතු කිරීමට  සිදුකරණ බවද නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38