පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – හිටපු නියෝජ්‍ය පොලිස්පති අවධාරණය කරයි

මාසයක් පුරා ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ පුරවැසියන් ආරක්ෂා කිරීමට නොහැකිවූ පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.
ඔහු සිය මුහණුපොතේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයට පත්වූ දින සිට බොහෝ අවස්ථාවලදී දේශපාලන මැදිහත්වීම්වලට වැඩකටයුතු කළ අයෙක් බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.
දේශපාලකයන්ගේ කීමට ස්ථානමාරුවීම්ද සිදුකර තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අද දිනයේදීද පොලිසිය බලා සිටියදීම මහින්දට ජන බලය පෙන්වීමට ආ පිරිස විසින් සාමකාමී අරගලය සිදුකළ පුද්ගලයන්ට පහරදීම් සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?