වරාය බේරගන්න ගහපු ගේම (VIDEO)

කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී  ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුවක් බවත් එය හෑල්ලුවට ලක් කරන්නේ එදා ‘යහපාලන ආණ්ඩුව’ හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (02) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව දිගු කලක් තිස්සේ ඇදෙමින් තිබූ ගැටළු සහගත සංවාදය ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ ඉතාමත් යහපත් තීන්දුවකින් අවසන් කෙරුණා. විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව අනුව, කොළඹ වරායේ ඉතාමත් වැදගත් පර්යන්තය වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. උපායමාර්ගික වශයෙන් වැදගත්, වැඩි ගැඹුරක් සහිත පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. ඒ වගේම තව වසර කිහිපයකින් ඊට යාබදව ඇති  ජෝන් කීල්ස් සමාගම සතු SAGT පර්යන්තය ද වරාය අධිකාරිය සතුවන විට එම පර්යන්ත දෙකම පාවිච්චි කරලා ප්‍රතිඅපනයනය එසැනින්ම කිරීමේ හැකියාව ලැබෙන්නේ ද නැගෙනහිර පර්යන්තය හිමි වන පාර්ශ්වයටයි.

පක්ෂයක් ලෙස මුල සිටම අපගේ ස්ථාවරය වුණේ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් ආකාරයට කොළඹ වරාය සංවර්ධනය කළ යුතු බවයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 58 වැනි පිටුවෙහි ඒ බව මෙසේ සඳහන්ව තිබෙනවා. ‘කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහාලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නංවන අතර ජාත්‍යන්තර මගී පර්යන්තයක් අලුතින් ආරම්භ කෙරේ. දැනට මෙහෙයුම් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර එහි ඉතිරි කොටස ද නොපමාව ඉදි කරනු ඇත. බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජකයන් ද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. නැඟෙනහිර පර්යන්තය සහ SAGT අතර කොටසෙහි   නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඇති ශක්‍යතාව අධ්‍යයනය කෙරේ.’ ඒ ප්‍රතිපත්තිය අනුව යමින් තමයි ඊයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ. නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම යන කටයුතු දෙකටම අදාළ කැබිනට් පත්‍රිකාව සැකසී ඇත්තේ 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බව අවධාරණය කළ යුතුයි.    

දැන් ඇතැමුන් බබ්බු වගේ, දැන දැනම නැඟෙනහිර පර්යන්තය සහ අනෙකුත් පර්යන්ත එක සමාන බව හඟවන්න හදනවා. ඒක තක්කඩිකමක්. ඒ නිසා ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුව ඉතාමත් නිවැරදිව ගැනීම පිළිබඳව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිනවා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන විට සටන් කිරීමට ඒ ආණ්ඩුව ඇතුළේ කිසිවකු සිටියේ නැහැ. එළියේ සිටින ජනතාවගේ වේදනාව අහන්න එදා ඒ   ආණ්ඩුවේ කිසිවකු සිටියේ නැහැ. එළියේ නඟපු ජනතා හඩට එදා නායකත්වය දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ හිටි අප පමණයි. ‘රතු කමිසධාරීන්‘ එදා රනිල් වික්‍රමසිංහගේ ‘ඔඩොක්කු කුක්කෝ‘ වෙලා හීන් කෙඳිරියක් පමණක් නඟලා, හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන තෙක් බලා සිටියා.

නමුත් නැඟෙනහිර පර්යන්තය සුරැකීමේ සටන ඇතුළේ ‘පොහොට්ටුවේ ’වෘත්තීය සමිතිය, ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති ඉදිරියෙන්ම හිටියා. ඒ වගේම ආණ්ඩුව ගොඩනැගීමට කැප වූ ජාතික බලවේග මේ සටනේදී  පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම අපත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ‘නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පූර්ණ වශයෙන් වරාය අධිකාරිය මගින් සිදුකළ යුතුයි’ කියන ස්ථාවරය ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් මේ සෑම කරුණක්ම ඉතාමත් මැනවින් අධ්‍යයනය කරලා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති උපායමාර්ගික වැදගත්කම නිවැරදිව තක්සේරු කරලා, ඒ වගේම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව අද ගෙන ඇත්තේ ඓතිහාසික තීන්දුවක්.

මුල් අවස්ථාවේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍යවේදී ඔබ අපෙන් විමසන විට අපි සැමවිටම කිව්වේ ‘තීරණාත්මක කැබිනට් පත්‍රිකාවක් මගින් අවසන් තීන්දුව ඒවි. එතෙක් ඉවසන්න’ කියලයි. ඒ තීරණාත්මක කැබිනට් පත්‍රිකාව තමයි ඊයේ රැගෙන එනු ලැබුවේ. එමගින් තමයි අවසන් තීන්දුව ගනු ලැබුවේ. අපට විශ්වාසයක් තියෙනවා, ‘ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යතුමන් නායකත්වය දෙන ආණ්ඩුවක් රටට අහිතකර තීන්දු ගැනීමට තල්ලු වෙන්නේ නැහැ’ කියා.

නැඟෙනහිර පර්යන්තයෙහි උපායමාර්ගික වැදගත්කම වටහාගෙන එය වරාය අධිකාරිය යටතේ පූර්ණ වශයෙන් තබාගෙන සංවර්ධනය කළ යුතුයි, කියන ස්ථාවරයේ සිටිමින් සටන් වැදුණු අපේ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු මහා සංඝරත්නයට ද වෘත්තීය සමිති ඇතුළු සියලු ජාතික බලවේගවලට ද අපගේ කෘතවේදීත්වය, ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු ‘හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්වරු’  ඒ ‘යහපාලන ආණ්ඩුව’ ජාතික සම්පත් විකුණන විට කටක් ඇරියාද? එදා දඹර අමිල වැනි හාමුදුරුවරු, සරත් විජෙසූරිය වැනි ආචාර්යවරුන් රටට අහිතකර තීන්දු ගන්නා විට කටක් ඇරියාද?

මෙන්න මෙතැන තමයි වෙනස තිබෙන්නේ. අපේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවුණු බලවේගයම තමයි ආණ්ඩුව නිසි මඟ රැගෙන යාම සඳහා පුරෝගාමී වන්නේ. ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිදුවන දෙයක්. ආණ්ඩුවේ ඇස් වහලා වැරදි පාරේ ගෙන යාම තමයි ආණ්ඩුවට කරන අයහපත. රටට,  ආණ්ඩුවට කරන යහපත වන්නේ මහජනයාට සංවේදී ආකාරයට ආණ්ඩුව පවත්වා ගෙන යාමට සහාය වීම. එම ස්ථාවරයේ ඉඳගෙන තමයි අපි මේ ප්‍රශ්නයේදීත් කටයුතු කළේ. අපි හිතනවා මේක වැදගත් ජයග්‍රහණයක් කියලා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන වෙලාවේ ‘බකන් නිලාගෙන’ හිටපු සමහර උදවිය අද මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න හදනවා. ඒ අයගේ දේශපාලන පරාජිකත්වය ගැන අපි පුදුම වන්නේ නැහැ. මේක ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ සහ මුළුමහත් ජනතාවගේ ජයග්‍රහණයක් බව යළිත් අවධාරණය කරනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09