බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට කොවිඩ්

බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ගාල්ල වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය වෙනුර සිරංගආරච්චි මහතා පැවසූවේ ආසාදිත වෛද්‍යවරු දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවය. 

ඊයේ (01) සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරු දෙදෙනා හඳුනාගෙන තිබුණි.

බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට පියවරගෙන ඇති අතර හදිසි සැත්කම් ද සිදුකෙරෙන බවය. 

කෙසේවෙතත් කලින් දින වෙන්කර ඇති සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.

මේ වනවිට රෝහල් සෞඛ්‍ය කාර්යමණ්ඩල දැඩි කොවිඩ් අවදානමකට මුහුණදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයෙකු ද මියයාම මගින් ඒ බව තවදුරටත් තහවුරු වන බවය.

“මාසයකට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා අවසානයේදී අපිට මේ සටනෙදි පරාජය තමයි උරුම වෙලා තියෙන්නෙ. ගයාන් වෙනුවෙන් කළ හැකි දේ තමයි අනාගතයේදී මෙවැනි මරණ වළක්වන්න අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගන්න එක. රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතා අවදානම් තැනකට ගමන් කරමින් තිබෙනවා කියන එක අපි පසුගිය මාස දෙක තුන ඇතුළත අවධාරණය කළා. කොවිඩ් දෙවන රැල්ල තුළ මේ වනවිට වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් රෝගී වෙලා. සෞඛ්‍ය කාර්යමණ්ඩලය විදිහට 1000කට වැඩියි. ආශ්‍රිතයෝ ඊටත් වඩා වැඩියි.”

හොරණ, ගෝනපල ප්‍රදේශයේ රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයින් 23 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කිරීමේ දී ඉන් 13 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, බදුරලිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක් ආශ්‍රයෙන් ද මේ දක්වා කොවිඩ් -19  ආසාදිතයින් 30කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් ලාල් වික්‍රමතන්ත්‍රි මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09