දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද(02) තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.
ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් වෛරසය ආසාදනය විම නිසා ඔහු නිරෝධායනය වෙමින් සිට ඇති අතර එහිදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී මොහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආණ්ඩුකාරවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන යොමු කර ඇති බවද වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1