පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට ලක් කළ රියදුරෙකු අත්අඩංගුවට

හික්කඩුව නගරයේදී රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට ලක්කර පලාගිය වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව පොලිසියට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් කොස්තාපල්වරයා රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී සුදු ඉර කපා අදාල වෑන් රථය ධාවනය කර ඇති අතර එය නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඉන් බරපතල තුවාල ලැබු පොලිස් කොස්තාපල් වරයා මේ වන විට කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම – තෙලිකඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.