ඔක්ටේන් 95 ඉන්ධන සීමිතයි – ඇමති කාංචන විජේසේකරගෙන් ඉන්ධන ගැන නැවතත් ඉඟියක්

ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 හා භූමිතෙල් ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇති බවත්ත් ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් සීමිත බවද ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති සියලුම සැපයුම්කරුවන් ලියාපදිංදි කරන ලෙසත් සේවයට වාර්තා නොකරන සැපයුම්කරුවන්ගේ බලපත්‍ර අවලංගු කරන ලෙසත් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට උපදෙස් දුන් බවද ඔහු පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?