“එක පයින්, එක ඉරෙන් අගමැතිවරයා ගෙදර යැව්වා නම් මේ ප්‍රශ්නය ඉවරයි.” – පාහියන්ගල ආනන්ද සාගර හිමි

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අනතුරු ඇඟවීමක් සිදුකරනවා.
ඒ මහා සංඝ රත්නයේ ඉල්ලීමට ද අවනත නොවී අග්‍රාමාත්‍යවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන්.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉදිරි ප්‍රතිඵල භායනක විය හැකි බවයි.
ඊයේ පැවැත්වුණු සර්ව ආගමික මාධ්‍ය හමුවේදී උන්වහන්සේ පැවසුවේ, සියලු පක්ෂ කැඳවීමට පෙර ජනාධිපතිවරයා සතු බලතල භාවිත කර දැනට උද්ගහත වී ඇති සියලු ප්‍රශ්න විසඳිය හැකි බව ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්.

“එක පයින්, එක ඉරෙන් අගමැතිවරයා ගෙදර යැව්වා නම් මේ ප්‍රශ්නය යම් තැනකට ගෙනයන්න පුළුවන්. ඒක කරන්නෙත් නැහැ. ඒක කරන්නේ නැතුව එක දවසක් ගේනවා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු. තව දවසක් ගේනවා ප්‍රාදේශීය සභාවේ සභාපති ලා. එයාල ගෙනල්ලා කියනවා අරලිය ගහ මන්දිරයට දැන් අත උස්සන්න මම ඉන්න ඕනේ ද? නැද්ද? ඩමි තුනක් දාලා අත උස්සලා කියනවා, හරි මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ඕන. ඔබතුමා නැත්නම් අපි මැරෙනවා වගේ එකක් කියනවා.

ඒක කිව්වාම මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා, මම යන්නේ නැහැ, මම යන්න සූදානම් නැහැ, මට යන්න කියන්නෙත් නැහැ. මම තමයි ජන මතයේ නියෝජනය වගේ එකක් කියල තව දුරට ත් දිනෙන් දින පුපුරා පුපුරා ගිනි ගන්න මේ අර්බුදය තව දුරට ත් අර්බුදයෙන් අර්බුදයට ගෙන යන තත්ත්වයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩසටහන ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න - දයාසිරි අනතුරු අඟවයි
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37
Video thumbnail
මේ ආණ්ඩුව දූ#ණය, ඊට වඩා ලොකු දූ#ණයකින් යටගහනවා
04:48
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56