තලපති විජේ හෙට මහඇමති පුටුවේ දිවුරුම් දීමට සැරසෙයි

ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ලැබූ ඉන්දීය සුපිරි නළු තලපති විජේ හෙට (07) දිනයේ දි තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ ටී.වී.කේ. පක්ෂයේ නියෝජිතයින් අද (06) ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.