AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකුව විදෙස්ගත ලාංකිකයින්ගෙන් උදව් ඉල්ලයි

විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි බෙහෙවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බවයි සිය ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මහ බැංකුව කියා සිටියේ.

මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙනවා.

පරිත්‍යාග පිළිබඳ තොරතුරු එෆ් ඩී ඒ සී සී ඇට් සී බී එස් එල් ඩොට් එල් කේ ([email protected]) විද්‍යුත් තැපෑලෙන් හෝ 076 83 15 782 යන වට්ස්ඇප් අංකයට පණිවුඩයක් එවීමෙන් ලබාගත හැකි බව මහ බැංකුව නිවේදනය කළා.

මේ අතර, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි විකිණීමට ඉදිරිපත් කරන සෑම භාණ්ඩයකම සැපයුම්කරුගේ නම, ලිපිනය, දිනය, ගැණුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය යන තොරතුරු වෙළදුන් සතුව තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?