කඩයිම් ලකුණු පහත දමන්නැයි, ඉල්ලා කොළඹදී විරෝධතා

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු සීමාව අඩු කරන්නැයි ඉල්ලා ගුරු සංගම් ඇතුළු පාර්ශව රැසක් කොළඹ – කොටුවේදී විරෝධතාවක නිරතව සිටී.

මෙම පිරිස මේ වන විට කොළඹ – කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කරමින් සිටි බව අප වාර්තාකරු පැවසී ය