ලක්ෂ 50ට විකිණෙන රුව

ඇත් දළ වලින් නෙළන ලද රැජිණකගේ රුවක් පිළිබිඹු වන ආකාරයෙන් නෙළා ඇති පිළිමයක් සමාජ මාධ්‍ය යොදාගෙන විකිණීමට තැත් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට‍ ගෙන තිබේ.

මෙම පිළිමය රුපියල් ලක්ෂ 50කට අධික මුදලකට විකිණීමට තැත් කර ඇත.මෙය උස අඟල් 11, බර කිලෝ 01 ග්‍රෑම් 598 ක් බරැති පිළිමයකි.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරීන්ට මුලතිව් කඳවුරේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (23) දින මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර ප්‍රදේශයේ දී 46 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට‍ ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සිරිපාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?