AFC Banner
Empty Ad
Empty Ad

බුදුන් වහන්සේ යක්‍ෂයෙක් යයි කියා බුද්ධ ප්‍රතිමා පොලොවේ

Born Again නිකායට හරවති..

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙන යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරුජනාධිපති තුමා
ජනාපති කාර්යාලය.
කොළඹ 01.
2020.01.30

ගරු ජනාධිපතිතුමනි.

2004 ඉදිරිපත් කරන ලද අන්යාගමික පනත පාර්ලිමේන්තුවේ දි සම්මත කරගත යුතුය.

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාට දේවයාතිකාවක් මගින් නැවත තම කටහඬ අවදිකිරීමට හැකි වූ බවට කියවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.ඒ දේවගැතිවරයෙකු විසින් වික්ටර් රත්නායක වෙත සිදු කරනු ලබන යාතිකාවක් අවසානයේ ඔහු පවසන්නේ තවත් වසර තුනක් යන තුරු කිසිඳු ගැටළුවකින් තොරව ගී ගැයීමට හැකිවන බවයි. බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ එතුමා Born Again නම් ක්‍රිස්තියානි නිකායක දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය තබමින් දැන් යළිත් ගැයීමට දෙවියන්ගෙන් කටහඬ අයදිමින්  සිටිම පුදුම සහගතය.

දසක හතරකට ආසන්න කාලයක් ලංකා බෞද්ධ බලවේගය බිද හෙළන්නට රටතුළ විවිධ බලවේග ක්‍රියාත්මක කරන බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.2004 දි ජාතික හෙළ උරුමයෙන් පාර්මේන්තුවට වඩින ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානම වගකීම වූයේ සිංහල බෞද්ධයන්  සදාචාර විරෝධි ලෙස අන්‍යාගම්වලට හරවා ගැනීම, වැලක් විමේ පනතක් ඉදිරිපත් කිරිමයි.එම පනතෙ මුඛය පරමාර්ථය වන්නේ අහිංසක බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට  හැරවිම වැලක්විමයි. මුල් කාලයේ දුප්පත් ගම්මානවලට ගොස් බෞද්ධයන්ට විවිධ ගෘහ උපකරණ ලබා දි ආගමට හරවා ගන්නා ලදි. බෞද්ධ රෝගි ජනතාව සොයා ගොස් බුද්ධ ප්‍රතිමා පොලවේ ගසා බුදු හාමුදුරුවෝ යක්ෂයෙක් ලෙස හදුන්වා ආගමට හැරවීම සිදු කරන ලදි.අද වන විට විශාල බෞද්ධ ව්‍යාපාරිකයන්, දේශපාලන නායකයන්, සමාජයේ ගරු කරන පුද්ගලයන්ගේ දුරුවලතා උපයෝගි කරගෙන අන්‍යාගම්වලට හරවා ගෙන ඇත.ලෝකයේ රටවල්වල ජනතාව බෞද්ධ දර්ශනය වැළද ගන්නා විට ලංකාවේ බෞද්ධයන් විවිධ හේතු හා දුරුවලතා නිසා බෝනගෙන් ආගමට හැරවිමේ විශාල කුමන්ත්‍රණයක් රටතුළ ක්‍රියාත්මක වන බව වික්ටර් රත්නායක, ක්‍රිකට් ක්‍රිඩකයන්, නළු නිළියන් හා දේශපාඥයන් ආගම්වලට හරවා ගැනිමේ තුලින් පැහැදිලි වේ. අදවන විට වතුකරයේ හා උතුරු කරයේ සිටින ද්‍රවිඩ හින්දු ජනතාව විශාල වශයෙන් මෙම කතෝලික නොවන පිරිස් ඇමරිකන් ආගමට හරවා ගෙන අවසන්ය.මේ සියල්ල සිදු කරන්නේ රාජ්‍ය නොවන ආයතන හරහා සිදුකරන ව්‍යාපාරවලිනි. මේ පිළිබද වරින් වර සිදු කරන ලද බෞද්ධ කොමිෂම් වර්තා මගින් ඇති තරම් තොරතුරු හෙළිකොට ඇත. අදවන විට ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් පිරිස් මෙම බෝනගෙන් ආගමට හසුවි අවසන්ය.

වත්මන් ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධයන්ගෙ ජන්දයෙන් පත්වන ආණ්ඩුවකි.ගරු ජනාධිපති තුමා විසින්ම දෙවරක්ම සිදුකරන රාජාසන කතාවලදි පැහැදිලි කර ඇත. 3/2ක බහුතර ආණ්ඩුවක් තිබියදි සිංහල බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගැනිම ඉතාමත් කනගාටුදායකය. එම නිසා සිංහල බෞද්ධයන් ආරක්ෂා කරනවා නම් හැකි ඉක්මණින් ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඉදිරිපත් කරන ලද සදාචාර විරෝධි අන්‍යාගමික පනත සම්මත කර සිංහල බෞද්ධයන් හා ද්‍රවිඩ හින්දු ජනතාව මෙම මර උගුලින් බේරාගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කළ යුතුය.ඒ සදහා මැදිහත් වන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදගල ජිනවංස හිමි
සභාපති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?