AFC Banner
Empty Ad
Empty Ad

හොර ලියකිවිලිවලින් වාහන අලෙවි කළ අයෙක් මහනුවරදී අත්අඩංගුවට

වාහන කුලියට දෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් රුපියල් කෝටි තුනකට අධික වටිනා වාහන ප්‍රමාණයක් ව්‍යාජ ලේඛන යොදා විකුණූ සැකකරුවකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මීරා සහිඳු මොහමඩ් ෆායිස් නමැති මහනුවර සුදුහුම්පොළ පදිංචි සැකකරු වාහන දහයක් අතුරුදන් කිරීම සම්බන්ධව දැනටමත් පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මෙම ජාවාරම කරගෙන යන බවත්, පුවත්පත්වල දැන්වීම් පළකර මහනුවර අධිකරණ සංකීර්ණය අසලට වාහන ගෙන්වාගෙන කුලියට ගන්නා මුවාවෙන් ගිවිසුම් අත්සන්කර ඇති බවක් හෙළිවී තිබේ.

ත්‍රිවිධ හමුදාවේ හා රාජ්‍ය අංශයේ නිලධාරීන් පවා වාහන කුලී පදනම මත මෙම සැකකරුට ලබාදී ඇති බවත් එම වාහන හොර රහසේ විකුණා ඇති බවත් හෙළිවී තිබේ.

සැකකරු මීට පෙරද මෙවැනි ජාවාරමකට බන්ධනාගාරගත වී ඇති අයෙකි.

මහනුවර ප්‍රදේශයේ වාහන ගනුදෙනු කරන්නේ නම් පොලිසියෙන් තොරතුරු විමසා ජාවාරම්කරුවන් හඳුනාගන්නා ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?