AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභූ ගෞරව සහිතව බ්‍රිතාන්‍යයේ දී අවසන් ගමන් ගිය කොරෝනා වැළඳී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

කොරෝනා ආසාදනය වී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ අවසන් කටයුතු ප්‍රභූ ගෞරව සහිතව සිදුකළ පුවතක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වාර්තා වනවා.

මෙලෙස කොරෝනා ආසාදනයව මියගොස් ඇත්තේ ලන්ඩන් නුවර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක සේවය කළ නාත්තන්ඩිය,වැලි පැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයායි.

එක්දරු පියෙක් වන මොහු මීට වසර 20කට පෙර එංගලන්තයට ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනයව පසුගිය 20 වනදා මෙම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛද්‍යවරයා සේවය කළ North Middlesex University රෝහලේ සෙසු වෛද්‍යවරුන් සහ හිතවතුන් එක්ව ප්‍රභූ ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ පසුගිය 28 වනදායි.

මේ වනවිට කොවිඩ් ආසාදනය වී බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 105,571ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?