ප්‍රභූ ගෞරව සහිතව බ්‍රිතාන්‍යයේ දී අවසන් ගමන් ගිය කොරෝනා වැළඳී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

කොරෝනා ආසාදනය වී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ අවසන් කටයුතු ප්‍රභූ ගෞරව සහිතව සිදුකළ පුවතක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වාර්තා වනවා.

මෙලෙස කොරෝනා ආසාදනයව මියගොස් ඇත්තේ ලන්ඩන් නුවර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක සේවය කළ නාත්තන්ඩිය,වැලි පැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයායි.

එක්දරු පියෙක් වන මොහු මීට වසර 20කට පෙර එංගලන්තයට ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනයව පසුගිය 20 වනදා මෙම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛද්‍යවරයා සේවය කළ North Middlesex University රෝහලේ සෙසු වෛද්‍යවරුන් සහ හිතවතුන් එක්ව ප්‍රභූ ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ පසුගිය 28 වනදායි.

මේ වනවිට කොවිඩ් ආසාදනය වී බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 105,571ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09