පොලිසියට බෑ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්න – නීතිඥ උපුල් කුමරප්පෙරුම

මිනිස්සුන් අවේගශීලී වූ පමණින් පොලිසියට වෙඩි තැබිය නොහැකි බව නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසයි.

අද (අප්‍රේල් 19) රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර පොලිසිය සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු මේ බව පවසා තිබුණා..

කුමරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ, එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිසියට ඉගැන්වීම් සිදු කර ඇති බව ය.

මෙම ප්‍රහාරයේ වගකීම, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍යවරයා සහ පොලිසිය භාර ගත යුතු බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.

“ගෑස් නැති කරලා, තෙල් නැති කරලා එච්චර මට්ටමක තියෙද්දී මිනිස්සු අවේගශීලී වූ පමණින් පොලිසියට හැකියාවක් නැහැ එහෙම වෙඩි තියන්න.

පොලිසියේ කතාව විතරයි නේ අපි දන්නේ. මිනිස්සුන්ගේ කතාව අපි දන්නේ නැහැ නේ. මිනිස්සු පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියන්නේ, මිනිස්සු තුවක්කු අරගෙන ඇවිල්ලා නෙවෙයි නේ ඔතන හිටියේ.

පොලිසිය කඳුළු ගෑස් ගහලා යන්නේ නැත්නම්, පොලිසියට බැට්න් චාජ් කරන්න පුළුවන්. ඒ වගේ පොලිසියට ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ග තියෙනවා. එහෙම නම් රබර් බුලට්ස් තියෙන්නේ. පොලිසියට එක පාරට ජීව උණ්ඩවලින් වෙඩි තියලා කරන්න බැහැ.

මේ වගකීම අමාත්‍යවරයා ත් ගන්න ඕනේ, ආණ්ඩුව ත් ගන්න ඕනේ. ජනාධිපතිවරයා ත් ගන්න ඕනේ. මොකද ජනාධිපතිවරයාට හැම වගකිව යුතු පුද්ගලයෙක් ම, සංවිධානයක් ම, නීතිඥ සංගමය දිගින් දිගට ම කිව්වා මේ මිනිස්සුන්ව ඉතා ම පරිස්සමින් කළමනාකරණය කරගන්න කියලා.

පොලිසියට ආයුධයක් දුන්නට පස්සේ පොලිසියට පුළුවන් කමක් නැහැ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්න. ඒක නිසා පොලිසිය වගකීම අනිවාර්යයෙන් ගන්න ඕනේ.

පොලිසියට පුළුවන් කමක් නැහැ මුල් අවස්ථාවේදී එහෙම වෙඩි තියන්න. ඒ වගේ එකක් විසුරුවා හරින්න පොලිසියට ක්‍රමවේදය උගන්නලා තියෙන්නේ.

මේ සමස්ත ඛේදවාචකය ම ඇති කළේ, ජනාධිපතිවරයාගේ තීරණ නේ. මිනිස්සු එළියට බහින්නේ ඒවා නිසා.”

උපුටා ගැනීම – මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13