කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනය ශ්වසන ආධාරක යන්ත‍්‍රයක් හා හෙදියන් රැගෙන ගෙදර ගිහින්ද…

කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කෘතිම ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන නිවසට ගොස් ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ඇගේ මාධ්‍ය ලේකම්වරයා සදහන් කරයි.

මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද සාවද්‍ය පුවත් පළ කරන්නන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග.

කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියන් ද රැගෙන සිය නිවස වෙත ගොස් ඇතැයි වේබ් සහ සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ප්‍රචාර ජනතාව නොමඟ යැවීමේ අදහසින් සිදු කළ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාර වේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට සුවය ලබමින් සිටින අතර, අයි.ඩී.එචි රෝහලේ වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පුර්ණ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබද ද්වේශසහගතව සහ ජනතාව නොමග යවන අයුරින් පුවත් පළ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.

කොව්ඩි වසංගතයේ ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ජිවිත අවදානම ද නොතකා වෛරසය එරෙහිව සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට හා ඊට අදාල වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර, එලෙස රටේ ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට කැපවී කටයුතු කර අද වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිබදව මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පළ කිරීම ජනතාව විසින් ද කිසිසේත් අනුමත නොකරනු ලබයි.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09