මුලතිව් රක්ෂිතයක තුල දළ ඇතෙක්ට කල අප%රාධය

මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ කපාගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දින කිහිපයකට ඉහතදී මෙම සත්වයාට වෙඩි තබා ඇති අතර ඇතාගේ අඩි 4කට ආසන්න දිගින් යුත් දළ කපාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන්.

මියගිය ඇතාගේ මරණ පරීක්ෂණය වනජීවී නිලධාරීන් විසින් සිදුකළ අතර සැකකරුවන් විසින් කපාගැනීමෙන් අනතුරුව සිරුර තුළ ඉතිරිව තිබූ දළ කොටස් ලබාගෙන තිබෙවා.

එම කොටස් දළ කැපූ සැකකරුවන් සතුව තිබූ දළ යුගලයට ගැලපෙන බවටයි අනාවරණ වී ඇත්තේ.

අඩි 7ක පමණ උසකින් යුත් වයස අවුරුදු 20ක් පමණ වන ඇතෙක් මෙලෙස ඝාතනය කර තිබෙනවා.

දේශීයව නිශ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මුල්ලියාවේලි පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

මෙම පුද්ගලයන් දෙදෙනා අදාළ දළ යුගළ විකිණීමට සූදානම් කර තිබු බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19