AFC Banner
Empty Ad
Empty Ad

අහක යන රණ්ඩුවකට හොට දමා ජීවිතයෙන් වන්දි ගෙවන තරුණයෙක්..

අතක කෑල්ලක් මීටර් 200ක් දුරට ගිහින් දාලා!

යූ. එච්. තරිඳු ගුණසේකර විසිහතර හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. හේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවතේ පදිංචිකරුවෙකි. තරිඳු කුරුඳුපොතු එකතු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියේය. කුරුඳු පොතු එකතු කිරීමේ වෙළෙඳාමට අමතරව හේ මීටියාගොඩ පිහිටි සඳකැන් පාෂණ වෙළෙඳසලක සේවය කළේය. සඳකැන් පාෂණ වෙළෙඳසලේ හිමිකරු හා මීටියාගොඩ ප‍්‍රදේශයේ තවත් පිරිසක් අතර කාලයක සිට ආරවුලක් පැවතුණි. මෙකී ගැටුමේදී තරිඳු සඳකැන් පාෂණ වෙළෙඳසලේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
 
 සඳකැන් පාෂාණ වෙළෙඳසලේ හිමිකරුට ද ගෝල බාලයන් පිරිසක් සිටියහ. තරිඳු එම ගෝලබාලයන් අතර ප‍්‍රධාන ගෝලයෙකි. මේ දෙපාර්ශ්වය අතර කාලයක් තිස්සේ පැවති ගැටුම බද්ධ වෛරයක් බවට පත්ව තිබුණි. මින් එක් පාර්ශ්වයක් අනික් පාර්ශ්වයෙන් පළි ගැනීම සඳහා අවස්ථාව එනතුරු බලාගෙන සිටියහ. මේ අතර සඳකැන් පාෂණ වෙළෙඳසලේ හිමිකරුට පහරදීම සඳහා 2020.11.23. වන දින පිරිසක් ඔහුගේ නිවස වෙත කඩා වැදුණහ. මෙහිදී දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවිය. තරිඳු ද මෙම ගැටුමට මැදිහත් විය. මෙහිදී පාෂාණ වෙළෙඳසල් හිමියාට පහරදීමට පැමිණි එක් පුද්ගලයකුගේ අතකට තුවාල සිදුවූ අතර තරිඳු ඇතුළු සඳකැන් පාෂාණ වෙළෙඳසලේ ගෝලබාලයන් විසින් මොහුට පහර දී තිබුණි.
 
 මෙකී සිද්ධියත් සමග මෙකී ගැටුම මිනීමරුමක් දක්වා දුරදිග යෑමට වැඩිකාලයක් ගත නොවීය. මෙකී පහරදීම සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියට ද පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව පහරදීමට සම්බන්ධ තරිඳු, ව්‍යාපාරිකාය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීටියාගොඩ පොලිසිය කටයුතු කරනු ලැබීය. පහරදීම සම්බන්ධව අධිකරණයේ නඩුවක් ද විභාගවෙමින් පැවතුණි. මේ අතර සඳකැන් පාෂාණ වෙළෙඳසල් හිමිකරු ඇතුළු පිරිසට අනික් පාර්ශ්වයෙන් මරණ තර්ජන දිගින් දිගටම එල්ලවෙමින් තිබුණි. පහර දුන්නාට පළි ගන්නවා, මේක ලේසියෙන් අත්හරින්නේ නැහැ, අනික් පාර්ශ්වයෙන් යුද ප‍්‍රකාශකොට තිබුණි. එක් දිනක් තරිඳු තම ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ අයෙකුට දුරකථනයෙක් කතා කළේය. අයියේ මේ ගැටුම දුරදිග ගෙනියන්න ඕන නැහැ. අපි සාමදාන වෙමු. තරිඳු එසේ කීවේය. උඹලත් එක්ක අපිට සාමදානයක් නැහැ. ගහපු එකේ පළිය
 ගන්නවා ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් ලැබුණේ රතු එළියකි. පාෂාණ වෙළෙඳසල් හිමිකරු ඇතුළු ඔහුගේ ගෝලබාලයන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවෙමින් තිබුණි. තම ජීවිතවලට ඇති තර්ජන හේතුවෙන් සඳකැන් පාෂණ වෙළෙඳසල් හිමිකරු සිය බිරිඳ සමග නිවෙස් හැරදමා ගියහ. මෙකී ව්‍යාපාරිකයාගේ ගෝලයකු වන තරිඳු හා තවත් අයකුද ජීවිතවලට ඇති තර්ජන හේතුවෙන් නිවස හැරදමා යන්නට වූහ.
 
 තමන්ගේ ජීවිතවලට එල්ලවී ඇති ජීවිත තර්ජන පිළිබඳව ව්‍යපාරිකයා ඇතුළු පිරිස මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා හමුවී දැනුවත් කිරීමට කටයුතු කළේය. මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් මේ පිළිබඳව සොයා බලන ලෙස දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නේය. මෙම ගැටුම සමථයකට පත්කරලා ඝාතනයක් වෙන එක නවත්වන්න කටයුතු කරන්න මහජන ආරක්ෂක ඇමැතිවරයා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙපාර්ශ්වයම මාතර පිහිටි තම කාර්යාලයට කැඳවීමට කටයුතු කරණු ලැබීය. හේ දෙපාර්ශ්වයටම දැඩි ලෙස අවවාද කළේය. ඉදිරියේ දී කිසිදු ගැටුමක් ඇතිවෙන්න බැහැ. පහරදීම සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු කරලා තියෙනවා. කිසිදු අයකුගේ ජීවිතයට හානියක් වෙන්න බැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දෙපාර්ශ්වය සාමදාන කරමින් එසේ කීවේය. සාමදානවීමත් සමග ව්‍යාපාරිකයා ඇතුළු පිරිස යළි  ගම්බිම්වලට පැමිණ සුපුරුදු ලෙස රාජකාරි කරගෙන ගියහ.
 
 ඒ කොයිහැටි වුවද සඳකැන් පාෂාණ ව්‍යාපාරිකයාගේ පාර්ශ්වයෙන් එල්ලවූ පහරදීම සම්බන්ධයෙන් ඇතිවූ වෛරය මේ සාමදාන කිරීමෙන් අවසන් නොවීය. එකී වෛරය බුර බුරා නැෙ`ගමින් තිබුණි. අවස්ථාවක් එනතෙක් ඔවුන් කල්යල් බලමින් සිටියෝය. තරිඳු කුරුඳු පොතු එකතු කරනු ලැබුවේ ඉතා අඩු මිලකටය. මේ සම්බන්ධයෙන් තවත් කුරුඳු පොතු එකතු කරන දෙතුන් දෙනකු තරිඳු සමග දැඩි වෛරයෙන් පසුවූහ. මූ ඇවිල්ලා අපේ බිස්නස් එකටත් ගහනවා. මූට හොඳ පාඩමක් උගන්වන්න ඕන. එසේ කියමින් මේ අයද තරිඳු සමග අමනාපයෙන් පසුවූහ. දිනය ඉකුත් 25 වැනිදාය. වේලාව පස්වරු 6.45ට පමණ වන්නට ඇත. හතර වටින් ඇ`දිරි වැටෙමින් තිබුණේය. මීටියාගොඩ ඉන්ධන පිරවුම්හළ අසල රූපලාවන්‍යාගාරයක් පිහිටා ඇත්තේය. එහි සිටින මිතුරකු හමුවීම සඳහා තරිඳු රූපලාවන්‍යගාරය වෙත යන්නට ගියේය. එහෙත් තරිඳුට රූපාලාවන්‍යාගාරය වෙත යෑමට හැකිවූයේ නැත. ගතවූයේ නිමේෂයකි. කඩු, කිණිසි, මන්නාපිහි රැගෙන යතුරුපැදිවලින් පැමිණි සිව් දෙනකු තරිඳු පසුපස එලවන්නට වූහ. තරිඳු රූපලාවන්‍යාගාරය තුළට දිව ගියේය. ඉක්බිති ඝාතකයන් විසින් රූපලාවන්‍යාගාරයේ විදුරු පොඩිකරමින් එහි ඇතුලට කඩාවැදුණහ. තරිඳු රූපලාවන්‍යාගාරයෙන් එළියට දිවයන්නට විය. එහෙත් ඔහුට වැඩිදුරක් දිව යෑමට හැකිවූයේ නැත. ඉන්ධන පිරවුම්හල අසලදී තරිඳු තියුණු ආයුධවලින් කපාකොට ඝාතනය කරණු ලැබීය. ඉන් නොනැවතුණු ඝාතකයන් තරිඳුගේ පපුවට හා උදරයට කිණිසිවලින් ඇණ බඩවැල් එළියට එනතෙක් හාරනු ලැබීය. පසුව තරිඳුගේ දකුණු අතේ මැණික් කටුවෙන් කොටසක් කපාගෙන ගොස් ඉන්ධන පිරවුම්හල අසල සිට මීටර් 200ක පමණ දුරින් දමා පලාගියහ.
 
 ඉතා අමානුෂික ලෙස මෙසේ ඝාතනය කොට තිබුණේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන ලිපිනයේ පදිංචි යූ. එච්. තරිඳු ගුණසේකර නැමති අවිවාහක තරුණයෙකි. මෙකී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 04 දෙනකු මීටියාගොඩ පොලිසියට ඉදිරිපත්වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් මෙකී ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරුපැදි 02ක්, ඝාතනය කිරීම සඳහා යොදාගත් උල්පිහි දෙකක්, කඩුවක් හා මන්නා පිහියක් පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා පෙබරවාරි මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය මහෙස්ත‍්‍රාත් හංසදේව මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ මීටියාගොඩ ලිහිනියාගල පදිංචි හක්කිමුණි හර්ෂණ ලක්මාල්, මීටියාගොඩ දෙඹන්විල පදිංචි හික්කඩුව තුඩුවගේ අකිල සජිත්, මීටියාගොඩ එරණවිල පදිංචි රූපසිංහ ගයාන් පුෂ්පකුමාර හා එම ලිපිනයේම පදිංචි මහදුර මිහිඳු හේෂාන් නැමති සැකකරුවන්ය.
 
 ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති අශෝක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙකී ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?