ස්වයං නිරෝධායනයවන පුද්ගලයින් නිරීක්ෂණයට පොලිස් මෙහෙයුමක්

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි පුද්ලගයින් නිරෝධායන වන ස්ථානයෙන් බැහැරට යන බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව අද (30) දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ඒ සඳහා ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මා‍ධ්‍ය ප්‍රකාශකවරයා, ස්වයං නිරෝධායනවන පුද්ගලයින් එම ස්ථානයෙන් පිටව යෑම හෝ පිටත පුද්ගලයෙක් නිරෝධායනයවන ස්ථානයට ගෙන්වා ගැනීම නිරෝධායනය රීතින් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පැවසීය.

මේ අතර පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීතින්ට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව 2020 ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා වු කාලය තුළ නිරෝධායන නීති කර අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 2,905ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09