Covishield එන්නත හෙට පොලිසියට

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සඳහා Covishield එන්නත හෙට (31) දිනයේ ලබා දීමට සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට (31) පෙරවරු 08.00 සිට නාරහෙන්පිට පොලිස් රෝහලේදී මෙම එන්නත් කිරීමේ වැඩසටහන පැවැත්වෙන බව ය. 

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?