AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් මිලියන 23ක කේරළ ගංජා

රුපියල් මිලියන 23කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක තිබී නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම, මාන්තේ ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබියදී කේරළ ගංජා තොගය සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

එහිදී පාර්සල් 32ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 67යි ග්‍රෑම් 500ක තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා වංකාලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?