නිදහස් දිනය වෙනුවෙන් ජනතාවට රජයෙන් ඉල්ලීමක්

73 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් පෙබරවාරි මස පළමුවන දින සිට සතියක කාලයක් සියලු නිවෙස්, වෙළෙඳ ව්‍යාපාර, රජයේ සහ පෞද්ගලික කාර්යාල හා වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ මෙවර නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ඉතා අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමට අමතරව රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලි ලබන 3 සහ 4 යන දිනවලදී විදුලි අලෝකයෙන් අලංකරණය කරන ලෙස ද සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ  73 වන නිදහස් සැමරුම් උළෙල “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්“ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09