AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් දිනය වෙනුවෙන් ජනතාවට රජයෙන් ඉල්ලීමක්

73 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් පෙබරවාරි මස පළමුවන දින සිට සතියක කාලයක් සියලු නිවෙස්, වෙළෙඳ ව්‍යාපාර, රජයේ සහ පෞද්ගලික කාර්යාල හා වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ මෙවර නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේ දී ඉතා අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමට අමතරව රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලි ලබන 3 සහ 4 යන දිනවලදී විදුලි අලෝකයෙන් අලංකරණය කරන ලෙස ද සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ  73 වන නිදහස් සැමරුම් උළෙල “ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්“ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?