AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආසාදිත නගර සභා ඉංජිනේරුවරයාගේ බිරිඳ දවස් දෙකක් විදුහලේ උගන්වලා

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික ඉංජිනේරුවරයාගේ බිරිඳට  27 දා කොරෝනා ආසාදනය වී ඇති අතර පෙරේදා (28 දා) එම තැනැත්තිය හෝමාගම මහ රෝහලේ කොවිඩ් වාට්ටුව වෙත ඇතුළත් කර ඇති බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මනෝජ් රුද්‍රිගු මහතා පැවසීය.

මෙම නියෝජ්‍ය නාගරික ඉංජිනේරුවරයාගේ භාර්යාව නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා මහා විද්‍යාලයේ එකොළහ වසරේ ඉගැන්වීම් සිදුකරනු ලබන ආචාර්යවරියකි. කොරෝනා පොසිටිව් වීමට පෙර දින 02 ක් එම විදුහලේ ශිෂ්‍යාවන් සඳහා ඉගැන්වීම් කටයුතු සිදුකර ඇති බව ද අනාවරණය වේ. එම විදුහලේ ගුරුවරියන් කීපදෙනෙක් පෙරේදා (27 දා) සිට පාසලට වාර්තා කර නොමැති බව ද අනාවරණය වී ඇත.

 අදාළ ගුරුවරියගේ ස්වාමිපුරුෂයා වන නියෝජ්‍ය නාගරික ඉංජිනේරුවරයා මගින් කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ද වාර්තා වේ. නාගරික නියෝජ්‍ය ඉංජිනේරුවරයා පෙරේදා දින කොවිඞ් ආසාදනය වීම නිසා

 අංගොඩ උණ රෝහල වෙත යවා ඇති අතර ඔහුගේ රියැදුරාට ද කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇත.නියෝජ්‍ය නාගරික ඉංජිනේරුවරයාගේ බිරිඳ පෙරේදා (28 දා) හෝමාගම මහ රෝහලේ කොවිඞ් වාට්ටුව වෙත මාරුකර ඇති බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි, කෝට්ටේ මහ නගර සභාවේ මනෝජ් රුද්‍රිගු මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?