මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවතින බව වාර්තා වනවා. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රි පාද නල්ලතන්නිය, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව ඇද හැලෙන බව සඳහන්,
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ සඳහන් කර සිටිනවා.
මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන්, නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවතිනවා.
පවතින වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ යළිත් සක්‍රිය වි ඇති බවද හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.