ඊයේ මරණ 08ක්.. කොරෝනා මරණ 300 පනී..

තවත් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පානදුර ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, ගාල්ල ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කළුතර ප්‍රදේශයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලිය්න්දල් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, සයින්දමරුදු ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 66 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

144009363 3668458013267705 5874900957295307440 o