වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි උඩුදුම්බර පොලීසිය පවසයි.
පෙරේදා (05) උදෑසන උඩුදුම්බර වසමේ, හාලියාල, උඩුදුම්බර ලිපිනයේ නිවසක මුළුතැන්ගෙය තුළ පිරිමි ළමයෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි ලද පැමිණිල්ලක් මත උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය දරුවා දැඩි ලෙස ජංගම දුරකථය මඟින් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටි අයෙකු බවට අනාවරණය වී තිබේ.
මව විසින් ලබාදුන් අවවාදය හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසේ මුළුතැන්ගෙහි වහලේ දොර රෙද්දක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වු බව පොලීසිය පවසයි.
දරුවා මෘත ශරීරය තෙල්දෙණිය රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව ගෙල වැලලාගෙන මියයෑමක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිගමනය කර දේහය ඥාතීන් ට භාර දී තිබේ.














