AFC Banner
Empty Ad
Empty Ad

බලය රැකගන්න එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන මැති ඇමතිවරු

මේ වෙද්දි රටේ බොහෝ දෙනෙක් මේ දේශපාලන ක්‍රමයට තදින්ම විරුද්ධවයි ඉන්නේ.
රට හැමතැනම මේ වෙද්දි පෝලිම්..
රුපියල් 850 තිබුණු සිමෙන්ති කොට්ටය අද වෙද්දි 2300 ක් වෙලා.
රුපියල් 65 ට තිබුණු පරිප්පු අද වෙද්දි රුපියල් 400 ක්.
රුපියල් 50 ට තිබුණු පාන් අද 120 ක්.
රුපියල් 80ට තිබුණු හාල් අද 200 ක්..
රුපියල් 134 ට තිබුණු පෙට්‍රල් අද 254 ක්..
රුපියල් 325 ට කිරි පැකට් අද 790 ක් වෙලා.
රුපියල් 1200 ට තිබුණු ගෑස් අද රුපියල් 4200 ක් වෙලා.
මිනිස්සු එකා වගේ එකතු වෙලා මේවට පාලකයින්ගෙන් විසඳුම් ඉල්ලනවා.
කරන්න බැරිනම් දාලා යන්න කියලා බල කරනවා.
මේවට විසඳුම් හොයන්න අද පාර්ලිමේන්තුව රැස්වුණා.
ඒත් මොනවද ඒ අය කරන්නේ.. අනුර වාහනේට හෙල්මට් එකක් දාගෙන නැගපු කෙනා හොයනවා..
ගෝඨාභයගේ ගෙදරට ගහපු අය ගැන හොයනවා.
ඇමතිවරුන්ගේ ගෙවල්වලට ආරක්ෂාව ඕනේ කියලා කියනවා.
පොලිස්පති ෆෝන් එක ආන්සර් කළේ නෑ ඒ නිසා පොලිස්පතිව ඉවත් කරන්න ඕනේ කියනවා.
අපි ස්වාධීනව ඉන්නවා කියනවා.
ඒ අයගේ බලය රැකගන්න එක් එක්කෙනාට ඇගිල්ල දිගු කරනවා මිසක් රටේ මේ ප්‍රශ්න විසඳන්න මොනවද ඒ අය කතා කරන්නේ..?
බුද්ධිමත් ඔබ පාට පක්ෂ භේද පැත්තකින් තියලා ඒ දේ කල්පනා කරලා බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?