පළමු දිනයේදීම 5,286 කට කොවිඩ් මර්දන එන්නත

අද දිනයේදී 5286 දෙනෙකු සඳහා ඉන්දියාවෙන් ලැබුනු කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 1886 දෙනෙකුට, කොළඹ උතුර ශික්ෂණ රෝහලේ 803 දෙනෙකුට, කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ 781 දෙනෙකුට සහ හමුදා රෝහලේ 600 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බවයි ඔවුන් සඳහන් කළේ.

ඊට අමතරව පනාගොඩ යුද හමුදා කඳවුරේ 400කට, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382කට, හෝමාගම මූලික රෝහලේ 190 දෙනෙකුට, මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුට, බෝවන රෝග විද්‍යායතනයේ 80 දෙනෙකුට සහ වැලිසර නාවික හමුදා කඳවුරේ 56 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කිසිදු ආසාත්මිකතාවක් මෙතෙක් වාර්තා නොවූ අතර හෙට දිනයේදී දිවයින පුරා එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?