AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආසාදිත තරුණ වෛද්‍යවරයා කරාපිටිය ICU එකේ

කොවිඩ්-19 රෝගයට ගොදුරු වූ තරුණ වෛද්‍යවරයෙකු ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

රාගම මහ රෝහලේ සේවය කළ මේ තරුණ වෛද්‍යවරයා කොවිඩ්-19 රෝගය වැළඳීම නිසා මීට දින කිහිපයකට පෙර ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලට ය.

කෙසේ හෝ පසුගිය සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙම වෛද්‍යවරයාව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කොවිඩ්-19 රෝගය හේතුවෙන් හෘදය හා පෙනහලු අකර්මණ්‍ය වීමෙන් වළක්වා ගැනීම සඳහා ය.

දැනට ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක නැති මේ ‘එක්මෝ’ යන්ත්‍රය ඇති එකම රෝහල වන්නේ ද ගාල්ල කරාපිටිය රෝහලයි.

එම යන්ත්‍රය මගින් සිදු කරන්නේ අක්‍රිය වන පෙනහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?