AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට (වීඩියෝ)

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත්කරණය වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ පැවැත්වෙන උත්සවයකදීයි.

එහිදී පළමුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට නියමිත වෛද්‍ය නිලධාරියා වන්නේ එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි.

ඊට පෙර යුද හමුදා රෝහලේදී ආරක්ෂක හමුදා සාමාජිකයින් 3 දෙනෙකුට කොරෝනා වෛරස් එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 කදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම අද සිදුකෙරෙනවා.

කොරෝනා මර්දන වැඩසටහනේ ඉදිරිපෙළ ක්‍රියා කරන එක්ලක්ෂ 50,000 ක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ 20,000 ක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල  පිරිස් වෙත එන්නත පළමුව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය රජය ප්‍රදානය කළ මෙම කොරෝනා මර්දන එන්නත් පළමු තොගය ඊයේ මෙරටට ලැබුණු අතර, එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ඊට අයත්.

විඩියෝ හිරු ටිවි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?