පියල් නිශාන්ත එළියට එයි: පවිත්‍රා IDH රෝහලට

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ වනවිට සුවය ලබා නිවෙස බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාට තවත් දින කිහිපයක් නිවෙසේ නිරෝධායනය වීමට සිදුවනු ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ පස්වරුව වන විට අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37