අන්ධ පුද්ගලයෙකුට නිදා සිටියදී කළ නොහිබිනා වැඩක්

වවුනියාවේ රාසේන්ද්‍රකුලම් ප‍්‍රදේශයේ ඇස් නොපෙනෙන වැසියකුට අයත් නිවසකට කිසියම් පිරිසක් විසින් පසුගිය 26 වැනිදා ගිනි තබා ඇතැයි වවුනියාව නෙලූකුලම් පොලිසිය පවසනවා.

මොහු නිවසේ නිදා සිටියදී නිවසේ දොර අගුලූ දමා නිවසට ගිනි තැබීම නිසා නිවසේ අයිතිකරු ද ගින්නට හසුවී සුළු තුවාල ලබා තිබෙනවා. ගින්නෙන් දැවෙන විට ඔහු කෑ කෝ ගැසීම නිසා අවට අසල්වැසියන් පැමිණ ඔහු නිවසින් එළියට ගෙන තිබෙනවා.

මෙම ඉඩම අත්පත් කර ගැනීමට උත්සාහ කරන පිරිසක් මෙම ගිනි තැබීමට සම්බන්ධ බවට පොලිසිය සැක පල කරනවා.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව නෙලූකුලම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37