ඉතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට කොන්දොස්තරගෙන් කණේ පහරක්

පෞද්ගලික මගී බස් රථයක ගමන් කළ මාධ්‍යවේදියෙකු ගමන් වාරයට නිකුත් කළ ටිකට් පතේ ඉතිරි මුදල ඉල්ලා සිටීම නිසා කෝපයට පත්වූ කොන්දොස්තරවරයා මාධ්‍යවේදියගේ කනට පහරදීම සම්බන්ධයෙන් පෙරේදා (26වන දා) රාත්‍රියේ අනුරා්ධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාමට පැමිණිල්ලක් ඉදරිපත් කර ඇත.

අනුරාධපුර පදිංචි මාධ්‍යවේදියා සිය දියණියගේ අවශ්‍යතාවක් සඳා කොලඹට ගොස් කිරිබත්ගොඩ නගරයෙන් නැවත අනුරාධපුර නගරයට පැමිණීමට බස්රථයට නැඟ තිබේ. කොන්දොස්තරවරයා අංක 41230 යටතේ රුපිය් 338ක ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළ අවස්ථාවේ මාධ්‍යවේදියා එම මුදල පියවා ගැනීමට රුපිය් 500ක නෝට්ටුවක් ලබාදී තිබේ.

ඉතිරි මුදල වූ රුපියල 162ක මුදල පිළිබඳව ටිකට් පතේ සටහන් යොදා පසුව එම මුදලින් රුපියල 150 ක මුදලක් ගමන අතරතුරදී මාධ්‍යවේදියාට ලබාදීමට කොන්දොස්තරවරයා කටයුතු කර තිබේ. බස් රථයේ පැමිණි මාධ්‍යවේදියා අනුරාධපුර දහයියාගම හන්දියෙ ආසන්නයේදී කොන්දොස්තරගෙන් ඉතිරි රූ.12 පිලිබද විමසු විට මගීන් ඉදිරියේ ඔහුට බැන වැදි පසුව එම මුදල ලබා දිමට කටයුතු කර ඇතත් මාධ්‍යවේදියා එය ප්‍රතික්ෂේප කර තිබේ. පසුව කොන්දොස්තරවරයා කළ ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කළ අවස්ථාවේ කොන්දොස්තරවරයා විසින් ඒ මහතාගේ කනට පහරදී ඕන‍ෙනම් වරෙන් මම ඉන්නේ බස්ටෑනඩ් එකේ යනුවෙන් පවසා බැණවැදී ඇත.

පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා විසින් අනුරාධපුර පිහිටි ඩී. එස්. ගුණසේකර බස සමාගමේ බ් රථ ලියාපදංචි අංකය වන එන.සී. 5329 අංකය පොලිසියට ලබා දී පැමිණිල්ලක් සිදුකර තිබේ. පහරදීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිගේ සභාපති නිලන්ත කුමාරටත් මාධ්‍යවේදියා පැමිණිලි කර තිබේ. ඒ සම්බන්දයෙන් සභාපතිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ අදාළ බස් රථයේ ගමන් වාරයක් අවලංගු කර කොන්දොස්තරවරයාගේ බලපත්‍රය අවලංගු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09