කැළණිය සරසවි සිසුන්ගෙන් කොරෝනා මැසිවිල්ලක්

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැතිව කැළණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විභාග කටයුතු පැවැත්වීමට සූදානම් වන බවට එම විශ්ව විද්‍යාලයේ සිසුන් චෝදනා කරනවා. ලබන 01 වනදා සිට එම විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ සිසුන් සඳහා විභාග පැවැත්වීමට සූදානම් කර ඇති අතර එය පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රායෝගික නොවන බවයි සිසුන් පවසන්නේ. මේ හේතුවෙන් විශ්ව විද්‍යාලය වෙත පැමිණිමට සිසුන් බොහොමයක් අකමැත්ත පළ කර තිබෙනවා. 

විභාගයට පෙනී සිටින සිසුවියකගේ පියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමග තමන් මුහුණ පා ඇති අසීරුතාව සම්බන්ධයෙන් ඇය හැඩූ කඳුලින් නෙත් නිවුස් වෙත මෙලෙස කරුණු දැක්වූවා.

මේ සම්බන්ධයෙන් කැළණි විශ්ව විද්‍යාලවේ ප්‍රධාන ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයාගෙන් සිසුන් විමසීමක් කළ අතර ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

සෙසු පීඨවල විභාග කටයුතු ඔන්ලයින් ඔස්සේ පවත්වන ආකාරයෙන් මානව ශාස්ත්‍ර පීඨය සහ සමාජ විද්‍යා පිඨයේ විභාගද පවත්වන ලෙසයි එම පීඨවල සිසුන් කැළණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරයෙන් ඉල්ලීමක් කළේ.

කැළණි විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ සිසුන් නගන මෙම මැසිවිල්ල සම්බන්ධයෙන් නෙත් නිවුස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගගෙන් විමසීමක් කළා. ඔහු දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37