සුනඛයෙක් සපා කෑම නිසා බෙහෙත් විදින්න රෝහලට ගිය අඹුසැමි යුවලගේ කාන්තාවට කොවිඩ්

සුනඛයෙකු සපා කෑම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රෝහලේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

වැල්ලවාය, රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අද දින මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ තිබු අතර සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූ ස්වාමිපුරුෂයා ඊට අවශ්‍ය එන්නත ලබා ගන්නා තෙක් බිරිඳ තමාට තිබු මද උණ ගතිය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලේ භාහිර රෝගී අංශයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මොනරාගල රෝහලේ භාහිර රෝගී අංශයෙන් මෙම කාන්තාව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මද උණ ගතියෙන් පෙලීම හේතුවෙන් ඇයට රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකර පසුව PCR පරීක්ෂණයක් සඳහා ද යොමු කොට තිබෙනවා.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රථිපල ලැබීමට පෙර මෙම අඹුසැමි යුවල රෝහලෙන් පිටත්ව ගොස් මොණරාගල සිට වැල්ලවාය බලා දිවෙන පෞද්ගලික බස් රථයකින් තම නිවෙස බලා පැමිණ තිබෙනවා.

ඔවුන් බස් රථයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී කාන්තාවගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේ වාර්තා ලැබී ඇති අතර එහිදී ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස අනාවරණය වීම හේතුවෙන් මොණරාගල රෝහලෙන් ඒ පිළිබඳව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් විසින් වැල්ලවාය බස්නැවතුම වෙත බස් රථය පැමිනෙන තුරු සිට එම දෙදෙනා ආරක්ෂිතව බස් රථයෙන් බස්සවා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

පසුව එම බස් රථය සහ වැල්ලවාය බස් නැවතුම්පොළ ද විෂබීජහරණය කිරීමට පියවර ගෙන කොට ආසාදිත කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීයෙකු සදහන් කර සිටිනවා.

මෙම කාන්තාවගේ සමීප ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා ලක් කිරීමට සැලසුම් කොට ඇති බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?