සුනඛයෙක් සපා කෑම නිසා බෙහෙත් විදින්න රෝහලට ගිය අඹුසැමි යුවලගේ කාන්තාවට කොවිඩ්

සුනඛයෙකු සපා කෑම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රෝහලේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

වැල්ලවාය, රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අද දින මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ තිබු අතර සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූ ස්වාමිපුරුෂයා ඊට අවශ්‍ය එන්නත ලබා ගන්නා තෙක් බිරිඳ තමාට තිබු මද උණ ගතිය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලේ භාහිර රෝගී අංශයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මොනරාගල රෝහලේ භාහිර රෝගී අංශයෙන් මෙම කාන්තාව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මද උණ ගතියෙන් පෙලීම හේතුවෙන් ඇයට රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකර පසුව PCR පරීක්ෂණයක් සඳහා ද යොමු කොට තිබෙනවා.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රථිපල ලැබීමට පෙර මෙම අඹුසැමි යුවල රෝහලෙන් පිටත්ව ගොස් මොණරාගල සිට වැල්ලවාය බලා දිවෙන පෞද්ගලික බස් රථයකින් තම නිවෙස බලා පැමිණ තිබෙනවා.

ඔවුන් බස් රථයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී කාන්තාවගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේ වාර්තා ලැබී ඇති අතර එහිදී ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස අනාවරණය වීම හේතුවෙන් මොණරාගල රෝහලෙන් ඒ පිළිබඳව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් විසින් වැල්ලවාය බස්නැවතුම වෙත බස් රථය පැමිනෙන තුරු සිට එම දෙදෙනා ආරක්ෂිතව බස් රථයෙන් බස්සවා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

පසුව එම බස් රථය සහ වැල්ලවාය බස් නැවතුම්පොළ ද විෂබීජහරණය කිරීමට පියවර ගෙන කොට ආසාදිත කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීයෙකු සදහන් කර සිටිනවා.

මෙම කාන්තාවගේ සමීප ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා ලක් කිරීමට සැලසුම් කොට ඇති බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09