AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රාදේශීය සභා සභාපතිට මන්ත්‍රීවරියක් පහරදීලා – සභාපති රෝහලේ

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පහරදුන් බවට පවසමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, කමල් රාජපක්ෂ මහතා කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා සහ අදාළ මන්ත්‍රීවරිය අතර බහින්බස්වීමක් සිදුවී ඇති බව වාර්තාවිය.

පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකටය. 

පහරකෑමෙන් තුවාල ලබාඇති කමල් රාජපක්ෂ මහතා අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් වී තිබූ බවද අප වාර්තාකරු පැවසීය.

පහරදීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය විමර්ශන සිදුකරයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි අද දෙරණ විමසූ විට එම පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසූවේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?