ප්‍රාදේශීය සභා සභාපතිට මන්ත්‍රීවරියක් පහරදීලා – සභාපති රෝහලේ

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පහරදුන් බවට පවසමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, කමල් රාජපක්ෂ මහතා කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

අද (27) දින කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා සහ අදාළ මන්ත්‍රීවරිය අතර බහින්බස්වීමක් සිදුවී ඇති බව වාර්තාවිය.

පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකටය. 

පහරකෑමෙන් තුවාල ලබාඇති කමල් රාජපක්ෂ මහතා අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් වී තිබූ බවද අප වාර්තාකරු පැවසීය.

පහරදීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය විමර්ශන සිදුකරයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි අද දෙරණ විමසූ විට එම පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසූවේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22