AFC Banner
Empty Ad
Empty Ad

පල්ලම රාජ්‍ය බැංකුවක් වසා දමයි

පල්ලම නගරයේ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමියා කොවිඩ්- 19 ආසාධිතයකු වීමත් සමග එම බැංකු ශාඛාව වසා දමා ඇති බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ ආසාදිතයකු වී ඇත්තේ මාරවිල පදිංචි අයකු වන අතර මොහු නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොඨඨාසයට අයත් වේ.

එම බැංකු ශාඛාවේ සේවය කල 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ජෛව පටල සාම්පල ලබා ගෙන එහි වාර්තා එනතුරු ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

කෙසේ වෙතත් බැංකු ශාඛාව වසා දැමුනද පාරිභෝගිකයින් අපහසුතාවයකින් තොරව සේවාව ලබා දීම ජංගම බැංකු රථයක් පල්ලම නගරයට තාවකාලිකව ලබා දි ඇති බව බැංකු කළමණාකාරිත්වය පවසයි.

මේ සමගම මුදල් අයකැමිවරයාගෙන් සේවය ලබා ගත් පාරිභෝගිකයින් පිළිබදව තොරතුරු ලබා ගැනිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?