යුක්රේනය තුළ වහා සටන් විරාමයක් ඇති කරන්නැයි WHO ඉල්ලයි

යුක්රේනය තුළ වහා සටන් විරාමයක් ඇති කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.

ජගත් ආරක්ෂක කවුන්සිලයේද මැදිහත්වීම යටතේ එය ඇතිකරගත යුතු බවයි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා අවධාරණය කරන්නේ.

යුක්රේනය තුළ පිහිටා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන 43 කට මේ දක්වා රුසියානු ප්‍රහාර එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලා.

එහිදී සෞඛ්‍ය සේවකයන් 12 දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු කියාසිටියේ.

සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් බවයි වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් පෙන්වා දෙන්නේ.

මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන සිවිල් වැසියන් 726 දෙනෙකු මේ දක්වා මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ළමුන් 52 දෙනෙකුද ඒ අතර වන බවයි ඔවුන් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මේ අතර යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජිංපිංග් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක් අද පැවැත්වීමට නියමිතයි.

පවතින තත්වය සමථයකට පත් කර ගත හැකි ආකාරය පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23