spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනය තුළ වහා සටන් විරාමයක් ඇති කරන්නැයි WHO ඉල්ලයි

යුක්රේනය තුළ වහා සටන් විරාමයක් ඇති කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.

ජගත් ආරක්ෂක කවුන්සිලයේද මැදිහත්වීම යටතේ එය ඇතිකරගත යුතු බවයි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා අවධාරණය කරන්නේ.

යුක්රේනය තුළ පිහිටා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන 43 කට මේ දක්වා රුසියානු ප්‍රහාර එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලා.

එහිදී සෞඛ්‍ය සේවකයන් 12 දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු කියාසිටියේ.

සෞඛ්‍ය සේවකයන්ට එරෙහි ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් බවයි වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් පෙන්වා දෙන්නේ.

මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන සිවිල් වැසියන් 726 දෙනෙකු මේ දක්වා මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ළමුන් 52 දෙනෙකුද ඒ අතර වන බවයි ඔවුන් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ.

මේ අතර යුක්රේන ගැටුම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජිංපිංග් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක් අද පැවැත්වීමට නියමිතයි.

පවතින තත්වය සමථයකට පත් කර ගත හැකි ආකාරය පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?