සයිනොපෙක් සහ IOC පෙට්‍රල් මිල ඉහළ දමයි

සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමනු ලැබුවා.

ඒ, අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් මිල ඉහළ දැමීමක් සිදුකර නැහැ.