අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන දුන් බලාපොරොත්තුව

අධ්‍යාපනයේ නව අභියෝග ජයගැනීම සඳහා, නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ගතවන කාලය අවුරුද්දකට ආසන්න,කාලයකින් අඩුකර ගැනීම පිණිස, මෙවර සිට උසස් පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම ඉන් එක් ඉලක්කයක් බවද ඔහු සඳහන් කළේය. මේ වනවිටත් ජනාධිපතිතුමා ඇතුළු රජය විශ්වවිද්‍යාල සිසුන් 50 000( පනස් දහසක්) සඳහා ඉඩකඩ වෙන්කර ඇති බවද අමාත්‍යවරයා කීය.
සෑම,ගුරුවරයෙක් ම පුහුණු ගුරුවරයෙක් බවට පත්කිරීම තවත් ඉලක්කයක් බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දරුවන්ට පමණක් නොව, දරුවන්ට උගන්වන සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ (IT) දැනුමෙන් සන්නද්ධ කිරීම අනෙක් ඉලක්කය බවද පැවසීය. 

විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයෙන් පිටවන විට තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ විය යුතු බවට තීරණයක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මවුබසට අතිරේකව, භාෂාවක් ලෙස, පාසල්වල ඉංග්‍රීසි අඛණ්ඩව ඉගැන්වීමද නව වැඩපිළිවෙළට අයත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද මෙම බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා වූ බවය.

 විද්‍යා පීඨවලින් පිටවන ගුරු සිසුන්ගේ ගුණාත්මකභාවයට හානි නොවන සේ ඔවුන්ට උපාධියක් ලබාදීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ඔහු කියා සිටියේය.
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48